ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරයේ පළමු තේරීම ගාම්භීර්.. -
News

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරයේ පළමු තේරීම ගාම්භීර්..

2024 ජූනි මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය අවසානයේ වර්තමාන ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධූරකාලය අවසන් වීමෙන් පසුව ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරය වෙනුවෙන් පළමු තේරීම ලෙස ගෞතම් ගාම්භීර්ව සලකා බලා ඇතිබව වාර්තා වෙනවා.

මේ වන විට පැවැත්වෙන IPL තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස ගාම්භීර් කටයුතු කරන අතර BCCI විසින් මේ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා අරඹා තිබෙන අතර කොල්කටා කණ්ඩායම මෙවර IPL තරඟාවලිය අවසන් කිරීමෙන් අනතුරුව වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

42 හැවිරිදි ගාම්භීර් හට පුහුණුකරුවෙකු ලෙසින් දේශීය මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් නොමැති නමුත් අවස්ථා තුනකදී ලොව ප්‍රධානම විස්සයි විස්ස ලීග් තරඟාවලියේ උපදේශකවරයෙකු ලෙසින් කටයුතු කර තිබෙනවා. 2022 සහ 2023 IPL තරඟවාර දෙකේදී ලක්නව් කණ්ඩායමේ උපදේශකයා ලෙසින් කටුයුතු කළ අතර එම අවස්ථා දෙකේදීම ලක්නව් කණ්ඩායම ප්ලේඕෆ්ස් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා. මෙවර IPL තරඟාවලියේ කොල්කටා කණ්ඩායමේ උපදේශකයා ලෙසින් ගාම්භීර් කටයුතු කරන අතර මෙවර තරඟාවලියේ ප්‍රභලම කණ්ඩායම බවට කොල්කටා පත්ව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button