All News
ලෝකශූර ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 125 ක් ත්‍යාගයක්..
අවසන් මහා තරඟයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත්කරමින් 2024 විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙසින් අභිශේක ලැබීමට රොහිට් ශර්මා ප්රමුඛ ඉන්දීය කණ්ඩායම පසුගියදා සමත්වුණා.
වසර 13 කට පසුව නැවතත් ඉන්දියාවට ලෝක කුසලානයක් දිනාදුන් ඉන්දීය කණ්ඩායම ඇඟයීම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 125 ක මුදලක් පිරිනෑමීමට BCCI තීරණය කර තිබෙන බව BCCI සභාපති ජේයි ශා නිවේදනය කළා.
ඒ අනුව ලෝකශූර ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 125 ක මුදලක් එනම් ශ්‍රී ලංකා මුදලින් කෝටි 457 කට ආසන්න මුදලක් හිමිවීමට නියමිතයි.