ඉන්දීය ජාතික කණ්ඩායමේ වගකීම හිටපු ඉන්දීය සුපිරි පිතිකරුවාට.. -
All News

ඉන්දීය ජාතික කණ්ඩායමේ වගකීම හිටපු ඉන්දීය සුපිරි පිතිකරුවාට..

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරුවෙකු සහ IPL තරඟාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ සහ මෙවර IPL ශූරතාවය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණු උපදේශකයා ලෙස කටයුතු කළ ගෞතම් ගාම්භීර්ව පත්කළ බව BCCI සභාපති ජේයි ශා X පණිවිඩයක් නිකුත්කරමින් නිළවශයෙන් දැනුම් දී තිබෙනවා.

ඉන්දීය පුහුණුකරු ධූරයට ගාම්භීර්ව පත්කිරීමෙන් අනතුරුව X පණිවිඩයක් නිකුත්කරමින් ගාම්භීර් ප්‍රකාශ කර තිබෙන්නේ නැවත ඉන්දීය කණ්ඩායම සමඟ එක්වීමට ලැබීම ඔහුට ගෞරවයක් බවයි. එලෙසම බිලියන 1.4 ක් වූ ඉන්දියානුවෙන්ගේ සිහින සැබෑකිරීම වෙනුවෙන් තමන් උපරිමයෙන් කැපවෙන බවද ගාම්භීර් ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාව මගේ අනන්‍යතාවය වන අතර මගේ රටට සේවය කිරීමට ලැබීම මගේ ජිවිතයේ ලොකුම වරප්‍රසාදයයි. වෙනස් හිස්වැස්මක් පැළඳ වුවත් නැවතත් ඉන්දීය කණ්ඩායම සමඟින් එක්වීම මට ගොරවයක්. හැමදාමත් මාගේ අරමුණ සෑම ඉන්දියානුවෙකුම ආඩම්බරයට පත්කිරීමයි. නිල් පැහැති උරහිස් සහිත බිලියන 1.4 ක් වූ ඉන්දියානුවන්ගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් මට කළ හැකි සියලු දේ මම සිදුකරමි..

යනුවෙන් එම X සටහනේ දැක්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button