කෝලි හා බුම්රා, ගෞතම් ගාම්භීර්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. -
News

කෝලි හා බුම්රා, ගෞතම් ගාම්භීර්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.

ඉන්දියාව සමඟින් විස්සයි විස්ස තරඟ 3කින් හා එක්‍දින තරඟ 3කින් සමන්විත තරඟාවලිය ජූලි 27 වන දින පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත වන අතර, මෙම තරඟාවලිය සඳහා ඉන්දීය ඡේෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් තරඟාවලියට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

වත්මන් එක්දින නායක රෝහිට් ශර්මා, හිටපු නායක විරාට් කෝලි හා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා විවේකයක් අවශ්‍ය බව පවසමින් තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කළ නමුත්, ලෝක කුසලානයෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ගෞතම් ගාම්භීර්, රෝහිට්, විරාට් කෝලි හා බුම්රාට ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ නමුත්, විරාට් කෝලි සහා ජස්ප්‍රිට් බුම්රා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වන අතර, රෝහිට් ශර්මා එක්දින තරඟාවලිය ක්‍රීඩා කිරීමට කැමත්ත පළ කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙකක කාලයක් ඉන්දීය කණ්ඩායම ක්‍රිඩා කර ඇති සියලුම එක්දින තරඟ, රෝහිට් ශර්මා ක්‍රීඩා කර තිබෙනවා..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button