ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය සංචිතය නම්කරයි.. -
News

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය සංචිතය නම්කරයි..

එළඹෙන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ඉන්දීය එක්දින සහ විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා.

ඉන්දීය විස්සයි විස්ස සංචිතයේ නායකත්වය සඳහා සූර්යකුමාර් යාදව් නම්කර ඇති අතර උපනායකත්වය ශුබ්මන් ගිල් හට හිමිවී තිබෙනවා. එලෙසම ඉන්දීය ලෝක කුසලාන සංචිතයේ ස්තානය හිමි නොවූ රිංකු සිං ඇතුලු ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ද විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙන අතර එලෙසම IPL තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ රියාන් ප්‍රාර්ග් කණ්ඩායමට කැඳවා තිබෙනවා. කෙසේවෙතත් නිමාවූ ඉන්දීය සිම්බාබ්වේ විස්සයි විස්ස තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ අභිශේක් ශර්මාට සහ රුටුරාජ් ගයික්වාඩ්ට මෙම සංචිතයේ ස්තානය හිමි වී නෑ.

ශ්‍රී ලංකාවට එරෙහිව නම්කළ ඉන්දීය විස්සයි විස්ස සංචිතය පහතින්.

තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේදී සුපුරුදු පරිදි ඉන්දීය නායකත්වය රොහිට් ශර්මා විසින් දරන අතර එක්දින තරඟාවලියේද උපනායකත්වය ශුබ්මන් ගිල් හට හිමිවී තිබෙනවා.

සුපිරි පිතිකරු විරාත් කෝලි ද මෙම සංචිතයට නම්කළ ඇති අතර ලෝකේශ් රාහුල් සහ ශ්‍රේයස් අයියර්ද එක්දින කණ්ඩායමට කැඳවා තිබෙන අතර යොවුන් ක්‍රීඩකයින් ලෙසින් රියාන් ප්‍රාර්ග් සහ හර්ශීට් රනාට ඉන්දීය කණ්ඩායමේ ස්තානය හිමිවී තිබෙනවා.

ඉන්දීය එක්දින සංචිතය පහතින්.

තරඟාවලියේ විස්සයි විස්ස තරඟ තුන එළඹෙන ජූලි 27,28 සහ 30 යන දිනවල මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එක්දින තරඟ තුන අගෝස්තු 02, 04 හා 07 දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button