ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසෙන ඉතිරි කණ්ඩායම කවුරුන් ද ?..
පාකිස්තානය සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟයේ ජය වාර්තා කිරීමත් සමඟින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මේවනවිටත් සමත්වී තිබෙනවා. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන ඉතිරි කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායම් 03 කට තවමත් අවස්තාව පවතිනවා. ඒ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි. ඉන් වැඩිම වාසිය පවතින්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමයි.
ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ඕස්ට්‍රේලියා කණ්ඩායමට තවත් තරඟ තුනක් ඉතිරිව ඇති අතර ඉන් එක් තරඟයක් ඉන්දියාව සමඟ සහ ඉතිරි තරඟ දෙක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතයි. මෙම තරඟ 03 න අතරින් එක් තරඟයක් ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් ඔවුන්ට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට අවස්තාව පවතිනවා.
ඉන්දියාවට ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව තවත් ඉතිරිව පවතින්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තවත් එක් තරඟයක් පමණක් වන අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට නම් එම තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වන අතර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තරඟ දෙකම ඕස්ටේලියාව පරාජයට පත්වීමද අනිවාර්ය වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමටත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට තවමත් අවස්තාවක් පවතින අතර ඒ සඳහා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරඟ දෙකම ජයග්‍රහණය කිරීම අනිවාර්ය අතර ඉන්දියාව සහ ඕස්ටේලියාව අතර සිඩ්නිහි පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවිය යුතුද වීම අනිවාර්ය වෙනවා.