2024 වසරේ එක්දින ක්‍රීඩකයා ICC ය විසින් නිවේදනය කරයි. -
News

2024 වසරේ එක්දින ක්‍රීඩකයා ICC ය විසින් නිවේදනය කරයි.

2024 වසරේ ක්‍රීඩකයින්ගේ දක්ශතා මත පදනම්ව, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) වසරේ එක්දින ක්‍රීඩකයා නිවේදනය කර තිබෙනවා.

මෙම සම්මානය සඳහා ක්‍රීඩකයින් 4 දෙනෙකු ඇතුළත් වී තිබූ අතර, ඒ අතරින් ක්‍රීඩකයින් දෙදෙනෙක්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්.

කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, අස්මතුල්ලා ඕමාර්සායි හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රදර්ෆර්ඩ් මේ සඳහා නිර්දේශ වී තිබූ අතර, ඒ අතරින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක අස්මුතුල්ලා ඕමර්සායි 2024 එක්දින ක්‍රීඩකයා බවට ICC ය විසින් නිවේදනය කරනු ලැබුවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button