සෆ්රාස් ටෙස්ට් වරම් දිනූ මොහොතේ පවුලේ අය කදුළු සලමින් සංවේදී වෙයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලියේ තෙවන ටෙස්ට් තරඟය අද රාජ්කොට්හීදී ආරම්භ වුනා. මෙම තරඟයේදී ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගැනීමට සෆ්රාස් ඛාන් සහ ද්රිව් ජරෙල් සමත්වුනා.
දිගින් දිගටම දේශිය තරඟාවලිවල ලකුණු අතර සිටියත් ඔහුට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ අවස්තාවක් නොලැබුණත් අවසානයේදී ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගැනීමට ඔහු සමත්වුනා. එම අවස්තාවේදී කදුළු සළමින් ඔහුගේ පවුලේ අය සංවේදී වූ ආකාරය සියල්ලන්ගේම අවධානය දිනාගත්තා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )
තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව දිනාගැනීමට ඉන්දියාව සමත්වුණා. දිනය නිමාවනවිට ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 326 ක් ලබාසිටියා. එහිදී නායක රොහිට් ශර්මා ලකුණු 131 ක් වාර්තා කළ අතර නොදැවී කඩුල්ලේ රැඳීසිටින රවීන්ද්‍ර ජඩේජා ලකුණු 110 ක් ලබාසිටිනවා. මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩාකළ සෆ්රාස් ඛාන් ලකුණු 62 ක් ලබාසිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීගියා.
සෆ්රාස් අහ්මඩ් ටෙස්ට් වරම් දිනාගත් අවස්තාවේ පවුලේ අය සංවේදී අවස්තාව