Video
ග්ලේන් පිලිප්ස්ගෙන් තවත් අනර්ඝ උඩපන්දු රැකීමක්..

2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය ලෙස පැවැත්වෙන ඉන්දියාව සහ නවසීලන්තය අතර තරඟයේදී අනර්ඝ උඩපන්දු රැකීමක නිරතවීමට නවසීලන්ත සුපිරි ක්‍රීඩක ග්ලේන් පිලිප්ස් සමත්වුණා. ඒ ඉන්දීය ඉනිමේ තෙවන කඩුල්ල ලෙස සුපිරි පිතිකරු විරාත් කෝලිගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙන්.
ගුවනේ පියාසරකරමින් රැකගත් මෙම විශිස්ට උඩපන්දු රැකීම බොහොදෙනාගේ අවධානය දිනාගත් අතර ග්ලේන් පිලිප්ස් මෙවැනිම උඩපන්දු රැකීමක නිරතවීමට තරඟාවලියේ පළමු තරඟයේදීද සමත්වුණා.
ග්ලේන් පිලිප්ස්ගේ අතිවිශිස්ට උඩපන්දු රැකීම ( වීඩියෝ දර්ශණ )