චින්නස්වාමී තෙරපීම හමුවේ සිදුවූ ඛේදවාචකයට විරාත් කෝලිට චෝදනා.. -
News

චින්නස්වාමී තෙරපීම හමුවේ සිදුවූ ඛේදවාචකයට විරාත් කෝලිට චෝදනා..

වසර 18 කට පසුව ඉතිහාසයේ පළමු වරට IPL ශූරතාවලිය දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පිළිගැනීමේ උත්සවයේදී ජූනි 04 වන දින චින්නස්වාමි ක්‍රීඩාංගණය අසළ සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබීම සම්බන්ධයෙන් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන එච්.එම්. වෙන්කටේෂ් නැමැත්තා විසින් කබ්බන් පාර්ක් පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ, කෝලි “IPL හරහා සූදුව ප්‍රවර්ධනය කිරීම” සහ ඛේදවාචකයට සම්බන්ධ පිරිස උසිගැන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පැමිණිල්ල දැනට පවතින විමර්ශනයේ කොටසක් ලෙස සමාලෝචනය කරන බව පොලිසිය පැවසූ නමුත් කෝලිට එරෙහිව කිසිදු FIR එකක් ලියාපදිංචි කර නොමැති බවද සඳහන්.

එමෙන්ම කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ (KSCA) නිලධාරීන්ට අතුරු සහනයක් ලබා දුන් කර්ණාටක මහාධිකරණය, ඔවුන්ට එරෙහිව බලහත්කාර ක්‍රියාමාර්ග නොගන්නා ලෙස පොලිසියට නියෝග කර ඇති අතර අධිකරණය නඩුව ජුනි 9 වන දිනට කල් දමා තිබෙනවා.

ජූනි 05 වන දින, බැංගලෝර් පොලිසිය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් ෆ්‍රැන්චයිස්, DNA එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගමට එරෙහිව සාපරාධී මිනීමැරුම් සහ නීති විරෝධී රැස්වීම් ඇතුළු චෝදනා යටතේ නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නොසැලකිලිමත්කම පිළිබඳ මූලික සාක්ෂි උපුටා දක්වමින් කර්ණාටක මහ ඇමති සිද්ධරාමයියා මීට පෙර වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති අතර සිද්ධියෙන් පසු බැංගලෝර් පොලිස් කොමසාරිස් බී දයානන්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button