චරිත් සහ වනිඳු පසුබසිද්දී පැතුම් සහ මෙන්ඩිස් ස්තාන කිහිපයකින් ඉදිරියට..
ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියේ දැක්වූ දක්ශතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නවතම ICC විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.
ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියේදී ආරම්භක පිතිකරුවන් ලෙසින් සාර්ථක වූ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ස්තාන කිහිපයකින් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.
පැතුම් නිශ්ශංක විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 15 ස් වන ස්තානයේ සිට ස්තාන හතරකින් ඉදිරියට පැමිණෙමින් 11 වන ස්තානය හිමිකර තිබෙන අතර කුසල් මෙන්ඩිස් ද එම ශ්‍රේණිගත කිරීම්වල ස්තාන දෙකකින් ඉදිරියට පැමිණෙමින් 19 වන ස්තානයේ පසුවෙනවා.
කෙසේවෙතත් ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලිය පුරාවට අසාර්ථක වූ නායක චරිත් අසලංක එම ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 06 කින් පසුබැස තිබෙන අතර ඔහුට හිමිවී ඇත්තේ 38 වන ස්තානය යි.
එලෙසම සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද ICC විස්සයි විස්ස පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්තානය දක්වා පසුබැස තිබෙනවා.