පැතුම් නිස්සංක IPL දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කරගනී. -
IPLLeagueVideo

පැතුම් නිස්සංක IPL දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කරගනී.

මෙවර IPL තරඟාවලියේ 43 වන තරඟය ලෙස අද පැවතී රාජස්ථාන් රෝයල්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කරගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.

පළමු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසනයේදී කඩුලු 6කට ලකුණු 225 ලබාගත් අතර, නායක Riyan Parag පන්දු 50කදී ලකුණු 90ක් ලබාගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක IPL පිටියේ සිය පළමු අර්ධ ශතකය රැස්කරගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 33කදී හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 62ක් ලබාගැනීමට සමත්වුණා.

වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button