News
මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න.

ලංකා ප්‍රීමීයර් ලීග් තරඟාවලියේ 06 වන අදියර කණ්ඩායම් 05 ක සහභාගීත්වයෙන් ජූලි 17 වනදා සිට අගෝස්‍තු 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරඟාවලියේ රූපාවාහිනී නිළ විකාශන අයිතිය ජාතික රූපවාහීනීය විසින් ලබාගෙන ඇති අතර Channel Eye නාලිකාව ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.
Dialog TV පාරිභෝගිකයන්ට Star Sports 3 ( චැනල් අංක 70 ) ඔස්සේ නොමිලේම තරඟාවලිය නැරඹීමට හැකියාව පවතින අතර SLT Peo TV පාරිභෝගිකයන්ට Peo Sports 1 ( චැනල් අංක 150 ) නාලිකාව ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹිය හැකියි.
එලෙසම ඩිජිටල් මාධ්‍ය ඔස්සේද තරඟාවලිය Peo Mobile Application එක හරහා කිසිඳු අමතර ගාස්තුවකින් තොරව නැරඹීමටද අවස්තාව පවතිනවා.

