News
ඉන්දීය A කණ්ඩායම, ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට එරෙහි තුන්කොන් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කරයි..

ඉන්දිය ‘A’ කණ්ඩායම, ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම තරඟවදින ජූනි මස අඟදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා A සංචිතය නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේ හට හිමිව තිබෙන අතර උප නායකත්වය නිරෝශන් දික්වැල්ලට හිමිව තිබෙනවා. අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, සදීර සමරවික්‍රම, විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළු ප්‍රභල ක්‍රීඩකයින් රැසක් සංචිතයට ඇතුළත්ව තිබීමද විශේශත්වයක්.
ශ්‍රී ලංකා A සංචිතය මෙන්න. ⏬
- Niroshan Dickwella (VC and WK)
- Avishka Fernando
- Nuwanidu Fernando
- Sadeera Samarawickrama (WK)
- Sahan Arachchige (C)
- Ahan Wickramasinghe
- Chamika Karunaratne
- Wanuja Sahan
- Vijayakanth Viyaskanth
- Mohamed Shiraz
- Dulaj Samuditha
- Vishen Halambage
- Ravindu Fernando
- Chamika Gunasekara
- Garuka Sanketh
- Kugadas Mathulan

