ඉන්දීය A කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්.. තරඟ අවසානයේ වෛභ්‍රාව් සූර්යවංශි සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ගැටුමක්.. ( වීඩියෝ පහළින් ) -
Match ResultsNews

ඉන්දීය A කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්.. තරඟ අවසානයේ වෛභ්‍රාව් සූර්යවංශි සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ගැටුමක්.. ( වීඩියෝ පහළින් )

ඉන්දීය A කණ්ඩායම, ඇෆ්ගනිස්තාන A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් තරඟාවලියේ ඉන්දීය A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර තවත් තරඟයක් අද ( 15 ) පැවැත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය A කණ්ඩායම පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 265 ක් රැස්කළ අතර ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සූර්යාන්ස් සෙද්ගෙ ලකුණු 72 ක් රැස්කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිස්ට පන්දුයැවීමක නිරතවූ විජයකාන්ත් වියස්කාන්ත් සහ මොහොමඩ් සිරාස් කඩුලු 03 බැඟින් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමටද පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 265 ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ සදීර සමරවික්‍රම පන්දු 113 කින් ලකුණු 93 ක් රැස්කළා.

ඒ අනුව ලකුණු සමවීමේන් අනතුරුව ආලෝක තත්වය මත සුපිරි ඕවරයක් ක්‍රීඩාකරනවාද නැද්ද යන්න තීරණය කිරීමට විනිසුරුවන් සහ ඉන්දීය නායක තිලක් වර්මා අතර දැඩි සංවාදයක් සිදුවූ අතර අවසානයේ සුපිරි පන්දුවාරය ක්‍රීඩාකිරීමට තීරණය කළා. ඒ අනුව සුපිරි පන්දුවාරයට මුහුණදුන් අවිශ්ක ප්‍රනාන්දු සහ නායක සහන් ආරච්චිගේ ලකුණු 16 ක් වාර්තාකළ අතර සුපිරි පන්දුවාරය අතරතුරද නිපන්දුවක් සමබන්ධව විනිසුරුවන් සහ ඉන්දීය නායක තිලක් වර්මා අතර මතභේදාත්මක තත්වයක් ඇතිවුණා. එලෙසම ආලෝක තත්වය සමබන්ධව සලකා බලා තරඟය නතර කිරීම සම්බන්ධවද තිලක් වර්මා සහ විනිසුරුවන් අතර සංවාදයක් ඇතිවූ ආකාරයද දක්නට ලැබුණා.

අනතුරුව 19 හැවිරිදි යොවුන් ක්‍රීඩක කුගදාස් මාතුලන් ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාරයට ඉන්දීය යොවුන් සුපිරි පිතිකරු වෛභ්‍රාව් සූර්යවංශිට සහ සූර්යාන්ස් සෙද්ගි හට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 09 ක් පමණයි. ඒ අනුව සුපිරි පන්දුවාරයේදී තරඟයේ ජය වාර්තාකිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත්වුණා.

තරඟය අවසානයේ විශේන් හැලඹගේ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ වෛභ්‍රාව් සූර්යවංශි අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවන ආකාරයද දක්නට ලැබුණා. ( වීඩියෝ එක මෙන්න. ⏬ )

ලකුණු සමවීමෙන් අනතුරුව, තිලක් වර්මා සුපර් ඕවර් ඉල්ල ඉල්ල අම්පෙයාර් පස්සෙන් යන තැන සිට සුපර් ඕවර් අවසන් වෙනකන් වීඩියෝ එක.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button