බංග්ලාදේශය නායකයාගේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත මෙන්න. -
Fact-checker

බංග්ලාදේශය නායකයාගේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත මෙන්න.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයෙන් බංග්ලාදේශය කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමත් සමඟින් තරඟාවලිය 1-1ක් ලෙස සමකිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (6) සමත්වුණා.

මෙම තරඟයෙන් අනතුරුව, බංග්ලාදේශය නායකයා වන Najmul Hossain Shanto මාධ්‍ය ඉදිරියේ ශ්‍රී ලංකාව පහත දමමින් ප්‍රකාශයක් කළ ඇති බවට සමාජ මාධ්‍යයේහි හුවමාරු වන Post එකක් දැකගන්නට ලැබුණා.

එහි සඳහන් වෙන්නේ ,
ශ්‍රී ලංකාව දස්කම් අඩු ඉතා දුර්වල දුප්පත් රටක්. ලංකාව එක්ක තරඟ කිරීමත් අපට තේරුමක් නැති දෙයක්. ශකිම්, මුෂී නැතුවත් පලවෙනි තරඟයේ සුළු වැරැද්ද නැත්නම් අපි මේ වෙනකොටත් තරඟාවලිය දිනුම්. ඉතින් අපේ ඉලක්කය ඉන්දියාව , ඕස්ට්‍රේලියාව වගේ ප්‍රබල රටවල්. අපි සෙනසුරාදා තරඟාවලියේ ජයගෙන ලැබෙන මුදල් ලංකාවේ ජනතාව වෙනුවෙන් දෙනවා” යනුවෙනි.

නමුත්, මේ පිළිඹඳව සොයා බැලූ SL CRICKET LIONS අපිට දැනගන්නට ලැබුණේ බංග්ලාදේශ නායකයා මෙවැනි කතාවක් මාධ්‍ය ඉදිරියේ පවසා නොමැති බවයි. එබැවින් සමාජ මාධ්‍යයෙහි හුවමාරු වන මෙහි කිසිඳු සත්‍යතාවයක් නැත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button