සුනිල් නරායන් මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කරයි. -
IPLLeague

සුනිල් නරායන් මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කරයි.

මෙවර IPL තරගාවලියේ 31 ක් වන තරගය කොල්කටා නයිට් රයිඩර්ස් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ඊඩන් ගාඩන් පිටියේදී අද(16) පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් නායක සංජු සැම්සන් පළමුව පන්දු යැවීමට තීරණය කරනවා.

ඒ අනුව පිටියට පිවිසෙන්නේ කොල්කටා ආරම්භක පිතිකරුවන් වන පිල් සෝල්ට් හා සුනිල් නරායනුයි. සුපිරි ඉනිමක් ක්‍රීඩකල සුනිල් නරායන් තම මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කරනවා. පන්දු 56 කදී ඔහු ලකුණු 109 ක් රැස් කලේ හයේ පහරවල් 06 ක් සහ හතරේ පහරවල් 13 ක් සමගින්. ඔහුට අමතරව අන්ග්ක්‍රිස් රගුවන්ශි පන්දු 18 කින් ලකුණු 30 ක් රැස් කලා.

සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩෘ රසල්ට අද රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 13 ක් පමණයි. කොල්කටා ඉනිමට වේගවත් අවසානයක් ලබාදීමට රිංකු සිං සමත්වුනා. ඔහු පන්දු 9 කින් වේගවඝ් ලකුණු 20 ක් රැස් කලා. ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 කට ලකුණු 223 ක් රැස් කරනු ලැබුවා.

සුනිල් නාරයන් ශතකය වාර්තා කල ආකාරය (වීඩියෝ)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button