IPL ඉතිහාසයේ තෙවන වේගවත්ම අර්ද ශතකය 22 හැවිරිදි ජේක් ෆ්‍රැශර් මැක්ගර්ක්ගෙන්.. -
IPLLeague

IPL ඉතිහාසයේ තෙවන වේගවත්ම අර්ද ශතකය 22 හැවිරිදි ජේක් ෆ්‍රැශර් මැක්ගර්ක්ගෙන්..

මෙවර IPL තරඟාවලියේ 35 වන තරඟය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මේවනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 266/7 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟුවා. හයිද්‍රාබාද් ආරම්භක පිතිකරුවන් දෙපළ වන ට්‍රැවිස් හෙඩ් සහ අභිශේක් ශර්මා එක්ව දිල්ලි පන්දුයවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත්කරමින් පවර්ප්ලේ පන්දුවාර 06 තුළ ලකුණු 125 ක් රැස්කිරීමට සමත්වුණා. එය වාර්තා අතරට එක්වුණේ IPL ඉතිහාසයේ කණ්ඩායමක් පවර්ප්ලේ පන්දුවාර 06 තුළ රැස්කරගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. වේගවත් ප්‍රහාරයක් දියත්කළ ට්‍රැවිස් හෙඩ් පන්දු 32 කින් ලකුණු 89 ක් රැස්කළ අතර අභිශේක් ශර්මා පන්දු 12 කින් ලකුණු 46 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ජේක් ෆ්‍රැශර් මැක්ගර්ක් වේගවත් ඉනිමක් දියත්කරමින් පන්දු 18 කින් ලකුණු 65 ක් රැස්කළ අතර ඔහුට අර්ද ශතකය සම්පූර්ණ කිරීමට වැයවුණේ පන්දු 15 ක් පමණයි.

මෙය වාර්තා අතරට එක්වුණේ IPL ඉතිහාසයේ වාර්තා වූ තෙවන වේගවත්ම අර්ද ශතකය ලෙසයි.

ජේක් ෆ්‍රැශර් මැක්ගර්ක් දියත්කළ වේගවත් අර්ද ශතකය (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button