නුවන් තුශාරගෙන් සුපිරි පන්දු යැවීමක් (වීඩියෝ) -
LeagueSA20

නුවන් තුශාරගෙන් සුපිරි පන්දු යැවීමක් (වීඩියෝ)

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) SA20 තරඟාවලියේ 26 වන තරඟය ලෙස ඊයේ (1) පැවතී MI Cape town හා Pretoria Capitals කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 34ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට MI Cape town කණ්ඩායම සමත්වුණා.

පලමුව පන්දුවට පහරදුන් MI Cape town කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4කට ලකුණු 248ක් ලබාගැනීමට සමත්වූ අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ryan Rickelton පන්දු 45කදී හතරේ පහර 10ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 90ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව Dewald Brevis නොදැවී ලකුණු 66ක් ලබාගත් අතර , පන්දු යැවීමේදී Wayne Parnell ලකුණු 57කට කඩුලු 3ක් බිඳ දැමූවා.

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණී Pretoria Capitals කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 214ක් පමණයි.

Capitals ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් ලබාගැනීමට Kyle Verreynne සමත්වුණා. ඔහු පන්දු 52කට මුහුණදෙමින් හතරේ පහර 7ක් හා හයේ පහර 9ක් සමඟින් නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 116ක්.

Capitals කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට නුවන් තුශාර සමත්වූණා. එම වීඩියෝව පහළින්,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button