
මෙවර අයි.පී.එල් තරඟාවලියේ ඊයේ පැවතී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර් බැංගලෝර් අතර තරඟයේදී, බුවනේෂ්වර් කුමාර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු ලකුණු 23කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා.
ඒත් සමඟින්, මේ වනවිට මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට ද බුවනේෂ්වර් කුමාර් සමත්වූ අතර, ඔහු කඩුලු 20 සීමාවද පසුකර ගියා. (කඩුලු 21*). මෙය ඔහු අයි.පී.එල් තරඟාවලියේ එක් අවුරුද්දක කඩුලු 20කට වඩා දවාගත් 4 වන අවස්ථාව වන අතර, මීට පෙර ලසිත් මාලිංග හා ජස්ප්‍රිට් බුම්රා ද එම දස්කම පෙන්වා තිබෙනවා.
වැඩිම වාරගණනක් කඩුලු 20කට වඩා දවාගෙන ඇත්තේ යුස්වෙන්ද්‍ර චහල් වේ. ඔහු වසර 5කදී එක දස්කම පෙන්වා තිබෙනවා.

