ICC ය නම් කළ 2024 වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙක්.

පසුගිය වසරේ (2024) එක්දින පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා සැලකිල්ලට ගනිමින්, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් “Icc Men’s ODI Team of the Year 2024” නමින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.
මෙම කණ්ඩායම සඳහා රටවල් 4කින් ක්‍රීඩකයින් ඇතුළත් කර ඇති අතර, මෙම 11 දෙනා අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 4 දෙනෙකු ඇතුළත් වී තිබේම විශේෂත්වයක්.
තවද, ICC ය විසින් නම් කළ මෙම කණ්ඩායම සඳහා, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් වලින් කිසිම ක්‍රීඩකයෙක් ඇතුළත් නොවීම ද විශේෂත්වයක්.
ඒ අනුව ICC ය විසින් නම් කර ඇති කණ්ඩායම.
Saim Ayub (🇵🇰)
Rahmanullah Gurbaz (🇦🇫)
Pathum Nissanka (🇱🇰)
Kusal Mendis (WK) (🇱🇰)
Charith Asalanka (C) (🇱🇰)
Sherfane Rutherford (🌴)
Azmatullah Omarzai (🇦🇫)
Wanindu Hasaranga (🇱🇰)
Shaheen Afridi (🇵🇰)
Haris Rauf (🇵🇰)
Allah Ghazanfar (🇦🇫)