ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අල්ලස් හා දූශණ කොමිසමේ අත්අඩංගුවට..

ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කළ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලව අද (21) අල්ලස් හා දූශණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙනතිබෙනවා.
අල්ලස් කොමිසම විසින් ” දූශණය ” නමැති වරද සිදුකළ බවට සැකපිට පැමිණිලි තුනකට අදාළව හිටපු සොඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාව ලබන 03 වනදා දක්වා නැවතත් රක්ශිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (20) නියෝග කළ අතර අදාළ නඩුකටයුතුවල සැකකරුවෙකු ලෙස කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලව නම් කිරීමටද මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට අවසර ලබාදුන්නා.
අමාත්‍යංශ අරමුදල්වලින් රු. මිලියන 08 ක් පමණ අවභාවිතා කිරිමේ චෝදනාව යටතේ ඔහු සැකකරුවෙකු ලෙස නම්කර තිබෙන අතර ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා සැකකාර රමිත් රඹුක්වැල්ල අද දින අල්ලස් කොමිසමට පැමිණි අතර පසුව ඔහුව අල්ලස් හා දූශණ විමර්ශනන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.