Conference
		
	
	
අපේ නිත්‍ය පන්දුයවන්නෝ බෝල් කලේ නැත්තේ ප්‍රතිවාදීන්ට එය පෙන්වීමට අවශ්‍ය නොවූ නිසා – ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීම සඳහා පැවැත්වෙන පුහුණු තරඟවලදී ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු පුහුණු තරඟයේදී නෙදර්ලන්තය හමුවේ පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.
මෙම පරාජය පිළිබඳව අරුණ පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පන්දුයවන්නන් පන්දු නොයවා සිටියේ ප්‍රතිවාදීන්ට එය පෙන්වීමට අවශ්‍ය නොවූ නිසා බවයි.
” නෙදර්ලන්තයට එරෙහි පුහුණු තරඟයේදී ශ්‍රී ලංකා නිත්‍ය පන්දුයවන්නන් එක් පන්දුවාරයක්වත් යොමු කළේ නැත්තේ අපේ පන්දු යවන්නන්ව ප්‍රතිවාදීන්ට පෙන්වීමට උවමනාවක් තිබ්බෙ නැති නිසා.”
යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු, අරුණ පුවත්පතට ප්‍රකාශ කර තිබුණා.
				
					
