දසුන් ශානකට එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමිවීමේ වැඩි ඉඩක්.. -
News

දසුන් ශානකට එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමිවීමේ වැඩි ඉඩක්..

ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරඟ 3කින් යුත් එක්දින තරගාවලියෙන් ශ්‍රි ලංකා හිටපු එක්දින නායක දසුන් ශානක ඉවත් කිරීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.

ඒ ඔහු දිගින් දිගටම එක්දින අසාර්ථක වී ඇති බැවිනි. ඔහු අවසන් එක්දින ඉනිම් 5 තුලදී ලබාගෙන ඇත්තේ ලකුණු 95ක් පමණයි. (0 , 68, 12, 8, 7)

ඔහුගේ මෙම අසාර්ථකත්වය හේතුවෙන් පහුගිය ලෝක කුසලානය අතරතුරේදී කණ්ඩායමේ නායකත්වය ද ඔහුට අහිමිවුණා.

ඇෆ්ගනිස්තානය සමඟින් එක්දින තරඟාවලිය පෙබරවාරි 9 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, තරඟාවලිය සඳහා තවමත් ශ්‍රී ලංකා සංචිතය නම් කර නොමැත.

මෙම තරඟාවලිය සඳහා නම් කර ඇති ඇෆ්ගනිස්තානය සංචිතය මෙතනින් බලන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button