ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර -
News

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය මේ මස 09 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. එක්දින තරග තුනම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර ඇත. දිවා රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙන මෙම තරග තුනේ පළමු තරගය පෙබරවාරි මස 09 වෙනිදාත් දෙවෙනි තරගය 11 වෙනිදාත් තෙවන තරගය 14 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි.

පෙබරවාරි 09 වන දින ආරම්භ වන මෙම තරඟාවලියේ දේශීය විකාශන අයිතිය මෙවර සියතTV නාළිකාව විසින් ලබාගෙන ඇත.

ඩයලොග් TV පාරිභෝගිකයන් හට පහත නාලිකා තුලින් තරගාවලිය සජීවීව නැරඹිය හැක

1) Sony Sports Ten 5 HD – Channel No. 124
2) Ten Cricket – Channel No. 65

PEO TV පාරිභෝගිකයන් හට පහත නාලිකා තුලින් තරගාවලිය සජීවීව නැරඹිය හැක.
1) Sony Sports Ten 5 – Channel No. 37
2) Sony Sports Ten 5 HD – Channel No.318
3) Ten Cricket – Channel No. 44
4) Ten Cricket HD – Channel No. 317

ඊට අමතරව, මෙවර තරඟාවලිය Sri Lanka Cricket යූටියුබ් නාලිකාව ඔස්සේද සජීවීව නැරඹිය හැක.

තවද, Dialog Viu App හා Peo Tv Go App හරහා ද තරඟාවලිය සජීවීව නැරඹිය හැකියි.

එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button