ඇෆ්ගනිස්තානය පරදා දෙවන එක්දින තරගයත් ශ්‍රී ලංකාව ලකුණු 155 කින් ජයගනී. -
Video

ඇෆ්ගනිස්තානය පරදා දෙවන එක්දින තරගයත් ශ්‍රී ලංකාව ලකුණු 155 කින් ජයගනී.

(වනිඳු දවාගත් කඩුලු 4 වීඩියෝ එක පහලින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද පල්ලෙකැලේ පිටියේදි ආරම්භ වූවා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසාන වන විට කඩුලු 6 කට ලකුණු 308 ක් රැස් කලා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල චරිත් අසලංක නොදැවී ලකුණු 97 ක් රැස් කලා. පන්දු 74 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 9 ක් ඇතුලත් වුනා. ඔහුට අමතරව කුසල් මෙන්ඩිස් , සදීර සමරවික්‍රම හා ජනිත් ලියනගේද අර්ධ ශතක වාර්තා කලා.

කුසල් මෙන්ඩිස් – ලකුණු 61 (65) 6*1 4*6
සදීර සමරවික්‍රම – ලකුණු 52(61) 4*3
ජනිත් ලියනගේ – ලකුණු 50(48) 6*2 4*2

ලකුණු 309 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ රමනුල්ලාහ් ගුර්බාස් හා ඉබ්‍රහිම් සද්‍රාන්. අසිත ප්‍රනාන්දු තමන් යැවූ පලමු පන්දුවෙන්ම රමනුල්ලාහ් ගුර්බාස් දවාගනු ලැබුවා. ඔහු ඒ වන විට රැස් කර තිබුනේ ලකුණු 8 ක් පමණයි.

ඉන් අනතුරුව රහමට් ෂාහ් සමග එක්වූ ඉබ්‍රහිම් සද්‍රාන් දෙවෙනි කඩුල්ලට 97 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත්වුනා. නැවත ක්‍රියාත්මක වූ අසිත ප්‍රනාන්දු ඉබහිම් සද්‍රාන් ව ලකුණු 54 කට දවාගනු ලැබුවා.

ඉන් අනතුරුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ වූයේ වනිදු හසරංග විසින් රහමට් ෂාහ්ව ලකුණු 63 කටත් හෂ්මතුල්ලාහ් ෂහීඩිවත් එකම පන්දුවාරයක් තුල දවාගනිමින්.

ඉන් පසු පිටියට පිවිසි කිසිදු ඇෆ්ගනිස්තාන පිතිකරුවෙකුට ලකුණු 5 සීමාවටවත් ලගා වීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නෙ නෑ. ලකුණු 128 -2 ක් ව පැවති ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව ලකුණු 153 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුය්වන්නන් සමත්වුනා.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 27 කට කඩුලු 4 ක්ද අසිත ප්‍රනාන්දු ලකුණු 23 කට කඩුලු 2 ක්ද ඩිල්ෂාන් මදුසංක ලකුණු 28 කට කඩුලු දෙකක්ද ප්‍රමෝද් මදුශාන් ලකුණු 37 කට එක් කඩුල්ලක්ද බිඳ හෙලුවා.

ලකුණු 155 කින් මෙම තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 2-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා. දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින තරගය ලබන 14 වනදා පල්ලෙකැලේ පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

වනිඳු හසරංග දවාගත් කඩුලු 4 වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button