මම ශතකය ලබාගන්න උත්සහා කළා. වනිඳුත් මට සපෝර්ට් එක දුන්නා – අසලංක -
Conference

මම ශතකය ලබාගන්න උත්සහා කළා. වනිඳුත් මට සපෝර්ට් එක දුන්නා – අසලංක

ඇෆ්ගනිස්තානයට එරෙහිව දෙවන එක්දින තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තාකරමින් තරඟාවලියේ ජය 2-0 ක් ලෙස වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ශතා සහ තරඟය පිළිබඳවත් තමන්ගේ ශතකය මඟහැරීම පිළිබඳවත් ශ්‍රී ලංකා උපනායක චරිත් අසලංක මෙලෙසින් අදහස් දැක්වුවා. තරඟයක් ඉතිරිව තියෙද්දි තරඟාවලිය ජයග්‍රහණය කරපු එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් තාම ඉවරනෑ තව තරඟයක් තියෙනවා. බලාපොරොත්තු වෙනවා 3-0 ක් විදිහට තරඟාවලිය ඉවරකරන්න.

නොම්බර 05 ගහනවා කියන්නෙ ගොඩක් වෙලාවට 10/3 තීද්දි යන්නත් පුලුවන් 200/3 තීද්දි යන්නත් පුලුවන් ඉතින් කොහොමත් ෆ්‍රෙශර් තැනක්. දැන් මම තරඟ 50 කට වැඩිය ක්‍රීඩාකරලා තියෙනවා. කෝචස්ලත් එක්කත් කතාකරලා එයාලගේ අත්දැකීමුත් අරගෙන මන් ඒ ෆ්‍රෙශර් එක කොහොමද හැන්ඩ්ල් කරන්නෙ කියලා මම තවත් ඉගෙනගන්නවා. මන් හිතනවා අද මන් ඒක හොඳට හැන්ඩ්ල් කළා කියලා.

කුසලුයි සදීරයි එක ළඟ Out වුනාට එයාල 5 ක 5.5 ක රන්‍ රේට් එකක් අරගෙන ගියා. ජනිතුයි මායි කතාකලේ 40 වෙනි ඕවරේ වෙනකන් ඇදගෙන යන්න රිස්ක් එක අඩුවෙන් බැට් කරන්න. ජනිත් ඇවිල්ල බැට් කරපු විදිහෙන් මට තිබ්බ ෆ්‍රෙශර් එක ගොඩක් අඩුවුණා. ජනිත්ගෙ 50 මාර විදිහට වටිනවා මොකද ඒකෙන් තමා ටෝටල් එක 270 ට 280 ට හිතාගෙන හිටපු එක 310 ට අරගෙන ගියේ.

අපි වර්ල්ඩ්කප් එක ගියාට පස්සෙ කතාකලේ පිච් ගැන. අපිට ලංකාවෙ කලින් හම්බුණු පිච් ගොඩක් 300 පන්නලා ලකුණු ගන්න අමාරු ඒවා. ඒක කතාකලාට පස්සෙ මන් හිතනවා ගොඩක් දුරට ඒක හැදිලා කියලා. මොකද ඒක ගොඩක් හොඳ දෙයක් අපිට ඉන්ටර්නැෂනල් ගියාම හම්බෙන්නෙ ගොඩක් වෙලාවට 300 ට වඩා ගහන්න පුලුවන් පිච්. ඉතින් ඒකට අපි ප්‍රැක්ටිස් කරලා තියෙන්නඕනෙ අපේ හෝම් කන්ඩිශන්වලත්.

ශතකය ගැනත් මගේ ඔලුවෙ තිබ්බ ඇත්‍තටම. මන් හිතන්නෙ ඒ පාර මම ගැහුව්වෙ ගැප් එකට යයි කියලා හිතාගෙන. දෙකක් ගන්න තමයි මම දිව්වෙ ඉතින් හැබැයි අත කෙලින් ගියේ මොකද ඒ වෙලාවෙ තිබ්බ පීඩනයට හරි මොකක්හරි වෙන්නැති. ඒක නිසා දිව්වා වනිඳු මට සපෝර්ට් එක දුන්නා එයා කිව්වා ඔයා ඉන්න ඉන්න අන්තිම බෝලෙත් ගහන්න හැබැයි මට ඒක ඇහුණෙ පස්සෙ. එතකොට අපි පරක්කු වැඩියි. ඇත්තටම වනිඳු එතනදි මට සපෝර්ට් කළා.

පැතුම්ගෙ ඉනිම කියන්න දෙයක් නෑ මට. ඒක මාරම රෙකෝඩ් එකක්. මම පෞද්ගලිකව ආසයි පැතුම් බැට් කරනවා බලන්න. මන් හිතන්නෙ ඒ ඉනිම ගැන කියන්න මට වචන නෑ මන් එච්චර සතුටුයි මන් ටීම් එකේ ඉදිද්දි මගේ ටීම්මේට් කෙනෙක් 200 ක් ගහනවා කියන්නෙ ඒක මාරම සතුටක්. මීට කලින් කවුරුත් 200 ක් ගහලා තිබ්බෙ නෑ. මීට වඩා තවත් සතුටුවෙන්නනම් උඩින් ගහන අය ඒ කියන්නෙ අවිශ්ක වෙන්න පුලුවන් සදීර, කුසල් මෙන්ඩිස් මම වෙන්න පුලුවන් තව 200 ක් අපේ රට වෙනුවෙන් ගහනවනම් ඉස්සරහට තවත් සතුටුයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button