තෙවන එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් -
News

තෙවන එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ මේ වන ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටිනවා. දැනටත් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වීම හේතුවෙන් අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අත් හදාබැලීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දගපන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ විවේක ගැන්වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඔවුන් දෙදෙනා වෙනුවට වමත් දගපන්දු යවන දුනිත් වෙල්ලාලගේ සහ පිටදගපන්දු යවන අකිල ධනංජය ක්‍රීඩා කරන බවට වාර්තා වනවා.

කෙසේ නමුත් පිතිකරණ බල ඇණියේ කිසිදු වෙනසක් සිදු නොවන අතර තම දරුවාගේ උපත හේතුවෙන් එක් දින නිවාඩුවකට ගොස් සිටි අවිශ්ක ප්‍රනාන්දුද නැවත සංචිතයට එක්ව තිබෙනවා.

කෙසේ නමුත් ක්‍රීඩා කරන අවසන් සංචිතය තවමත් තහවුරු කර නොමැති අතර මෙම තරග දෙක පුරා ක්‍රීඩා නොකල ක්‍රීඩකයන් හට අවස්ථාව දීමට අවදානය යොමුව ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වන්නෙ අවසන් තරගයත් ජයගෙන ජයග්‍රාහි රිද්මය පවත්වාගැනීමයි.

තුන්වන එක්දින තරඟය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button