පැතුම් නිස්සංක හා චරිත් අසලංක ICC ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියටම.. -
News

පැතුම් නිස්සංක හා චරිත් අසලංක ICC ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියටම..

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා අනුව නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමෙහි, පසුගිය දා Pathum Nissanka ලබාගත් ද්විත්ව ශතකයත්, Charith Asalanka වාර්තාකළ විශිෂ්ඨ ඉනිමත් සමඟින් ඉදිරියට පැමිණ ඇති අතර, තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව Pathum Nissanka වාර්තා කළ විශිෂ්ඨ ද්විත්ව ශතකය හේතුවෙන් ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 10ක් ඉදිරියට පැමිණෙමින්, අංක 18 ස්ථානයේ සිටින අතර, Charith Asalanka ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙමින් අංක 15 වන ස්ථානයේ රැඳී සිටිනවා. එම ලැයිස්තුවේ අංක 1,2 හා 3 ස්ථාන තුනේම සිටින්නේ ඉන්දියා පිතිකරුවන් තිදෙනෙක් වන අතර, ඒ පිලිවෙළින් Shubman Gill , Virat kohli හා Rohit sharma වේ.

ඊට අමතරව, ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි, Prabath Jayasuriya අංක 6 ස්ථානයේම රැඳී සිටින අතර, එක්දින ශ්‍රේණිගත කිරීමෙහි අංක 9 සිටි Maheesh Theekshana ස්ථාන දෙකක් පහළට ගොස් ඇති නමුත්, විස්සයි විස්ස පන්දු යවන්නන්ගෙ ශ්‍රේණිගත කිරීමෙහි Maheesh Theekshana හා Wanindu Hasaranga යන දෙදෙනාම එක් ස්ථානය බැඟින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Maheesh Theekshana විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමෙහි Points 679ක් ලබාගෙන අංක 2 ස්ථානයේ රැඳී සිටින අතර, එංගලන්ත ක්‍රීඩක Adil Rashid Points 726ක් ලබාගනිමින් පලවෙනි ස්ථානයේ රැඳීසිටිනවා. Wanindu Hasaranga සිටින්නේ එම ලැයිස්තුවේ 3 වන ස්ථානයේ වේ. ඒ Points 676 ක් ලබාගෙනයි..

එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි Mohammed Nabi පලමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක Wanindu Hasaranga ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් අංක 15 වන ස්ථානයේ රැඳී සිටිනවා. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමෙහි සිටින්නේ 9 වන ස්ථානයේයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button