ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇෆ්ගන් ඉනිම ලකුණු 266 කට සීමා කරයි. -
Video

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇෆ්ගන් ඉනිම ලකුණු 266 කට සීමා කරයි.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර, තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ තුන්වන හා අවසන් එක්දින තරගය අද පල්ලෙකැලේ පිටියේදී ආරම්හ වුනා. කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලාහ් ෂහිඩී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසියේ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් වන ඊබ්‍රහිම් සද්‍රාන් හා රමනුල්ලාහ් ගුර්බාස්. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දුයවන්නට ඉතාමත් හොදින් ලකුණු රැස් කරමින් සිටින අතරතුරදී අවිශ්ක ප්‍රනාන්දුගේ අතිවිශිෂ්ඨ පන්දු රැකීම් හමුවේ ඊබ්‍රහිම් සද්‍රාන්ව දුවද්දී දවාගැනීමට හැකිවුනා.

රමනුල්ලා ගුර්බාස් සමග එක්වූ රහමට් ෂා දෙවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සබඳතාවක් ගොඩ නැගුවා. එම සබඳතාව බිඳ වැටුනේ රමනුල්ලා ගුර්බාස් ලකුණු 48 කට දැවීයාම හේතුවෙන්. ඒ වසර තුනකට ආසන්න කාලයකට පසු එක්දින පිටියට පිවිසි අකිල දනංජයගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඉන් නොනැවතුනු අකිල, ඇෆ්ගන් නායක හෂ්මතුල්ලාහ් ෂහිඩිගේ කඩුල්ලත් දවාගැනීමට සමත්වුනා. ඉන් පසු පිටියට එක්වූ ඉක්‍රම් අලික්හිල් සමග එක්වූ රහමට් ෂාහ් 4 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සබඳතාවයක් ගොඩ නැගුවා. රහමට් ෂාහ් ලකුණු 65 කට දවාගනිමින් එම සබදතාවයට තිත තබන්නට දුනිත් වෙල්ලාලගේ කටයුතු කලා.

අලික්හිල් සමග එක්වූ අස්මතුල්ලාහ් ඕමර්සායි 5 වන් කඩුල්ලට නැවැතත් ලකුණු 57 ක සබදතාවයක් ගොඩ නැගුවා. නැවත ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ එම සබදතාවද බිද හෙලුවෙ අලික්හිල්ව ලකුණු 32 කට දවාගනිමින්.

පළමු තරගයේදි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල අස්මතුල්ලාහ් ඕමර්සායි මෙම තරගයේද අර්ධ ශතකයක් වාර්තා කලා. හොදින් පන්දුවට පහර දෙමින් සිටි ඔහුව දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වුනා. ඒ වන විට ඔහු ලකුණු 54 ක් රැස් කරගෙන සිටියා.

ඉන් අනතුරුව පිටියේ එක්වූ ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නෙ නැ. ඒ අනුව ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගෙ විශිෂ්ට පන්දු යැවීම් නිසා ඇෆ්ගනිස්තාන කණ්ඩායම් ලකුණු 266 කට සීමා කිරීමට හැකිවිය.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 45 කට කඩුලු තුනක්ද දුනිත් වෙල්ලාලගේ ලකුණු 38 කට කඩුලු 2 ක් ද අසිත ප්‍රනාන්දු ලකුණු 44 කට කඩුලු දෙකක් හා අකිල දනංජය ලකුණු 54 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා.

අකිල ධනංජයගේ ලබාගත් කඩුලු හා දුනිත් වෙල්ලාලගේ ලබාගත් කඩුලු වීඩියෝ මෙන්න.

අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ඨ පන්දු රැකීම හමුවේ ඇෆ්ගනිස්ථාන් ඉනිමේ පලමු කඩුල්ල දවාගත් ආකාරය වීඩියෝ එක මෙතනින් බලන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button