පැතුම් නිස්සංක කියන්නේ, මීලඟ විරාට් කෝලි ද? ((Fan Talk)) -
Fan talk

පැතුම් නිස්සංක කියන්නේ, මීලඟ විරාට් කෝලි ද? ((Fan Talk))

ඇෆ්ගනිස්තානය සමඟින් තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ තරඟ 3ම ජයග්‍රහණය කරමින් පූර්ණ තරඟාවලි ජයක් ලබාගැනීමට Kusal Mendis ගේ නායකත්වයෙන් යුත් Sri Lanka කණ්ඩායම සමත්වුණා. ඒ අනුව මේ වසරේ පැවතී එක්දින තරඟාවලි දෙකම ජයගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී තරඟාවලියේදී, Pathum Nissanka ද්විත්ව ශතකයක් හා ශතකයක් වාර්තා කරගැනීමට සමත්වීමත් සමඟින්, ඔහු ක්‍රිකට් පිටියේ වාර්තා කිහිපයක්ම බිඳ දැමීමට ද සමත්වුණා.

මෙම වාර්තා හේතුවෙන් පැතුම් නිස්සංක ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විසින් ෆේස්බුක් තුළ තබා තිබූ සටහනක් පහළින්,

“අපේ පැතුම් නිස්සංක කියන්නේ, මීලඟ විරාට් කෝලි ?

පැතුමා, තාම අවුරුදු 25ක කොල්ලෙක්. තුන්වන තරඟයට කලින් ඔහු ජාත්‍යන්තර එක්දින ඉනිම් 51ක් ක්‍රීඩා කරලා, ලකුණු 1956ක් ලබාගෙන සිටියා. ඒ ශතක 4ක් ද සමඟින්. ඒ වන විට ඉනිමක පිතිකරන සාමාන්‍ය වුණේ ලකුණු 42.52ක්.

තුන්වන තරඟයේදී ලබාගත්ත ඒ විශිෂ්ඨ ශතකය නිසා, පැතුමා එක්දින ලකුණු 2000 සීමාව පසු කර ගියා. ඒ ශ්‍රී ලාංකිකයෙකු වාර්තාකළ වේගවත්ම එක්දින ලකුණු 2000යි.

හොඳම දේ කියන්නේ, මේ වන විට ක්‍රිකට් ලෝකයේ සුපිරිම පිතිකරු වන විරාට් කෝලි, එක්දින පිටියේ පලවෙනි ලකුණු 2000 ලබාගන්න ඉනිම් 53 වැය කරලා තිබුණා. ඉනිම් 53ක් අවසානයේදී විරාට් කෝලි ලකුණු 2037ක් ලබාගෙන තිබුණේ ශතක 6ක් හා ඉනිමක සාමාන්‍ය 44.28ක් රඳවාගෙන.

පැතුම් නිස්සංක ඉනිම් 52කදී ලකුණු ලකුණු 2074ක් ලබාගෙන සිටින්නේ, ඉනිමක ලකුණු 44.13ක ඇවරේජ් එකක් තියාගෙන. මේ ඉනිම් 52ක ඇතුලත පැතුමා ශතක 5ක් ලබාගෙන තිබෙනවා. එතනින් එකක් ද්විත්ව ශතයක්. විරාට් කෝලිට තාමත් එක්දින පිටියේ ද්විත්ව ශතකයක් නැහැ.

ඉනිම් 52ක් අවසානයේදී විරාට් කෝලිවත් අභිබවා ඉන්න පැතුම් නිස්සංක, මේ විදිහට දිගටම පර්ෆෝම් කළහොත්, අනිවාර්යයෙන්ම ඔහු සමුගන්න කොට විරාට් කෝලිගේ වාර්තා සියල්ල බිඳ දමනවා.”

සටහන – ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුගෙන්.

තුන්වන තරඟයේදී, පැතුම් නිස්සංක බිඳ දැමූ තවත් වාර්තා 4ක් මෙන්න. (සම්පූර්ණ විස්තරය කියවීම සඳහා Click කරන්න)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button