තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකාවට තරගයේ ජය -
Match Results

තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකාවට තරගයේ ජය

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු විස්සයි විස්ස තරගය අද රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භවුනා. කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගන් නායක ඉබ්‍රහීම් සද්‍රාන් පලමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.

ඒ අනුව පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්. කෙසේ නමුත් අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය නම් සුභ වූයේ නැ. පැතුම් නිස්සංක ලකුණු 6 කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 10 කටත් දවාගැනීමට ෆසල්හක් ෆරූකි සමත්වූවා.

හොදින් පන්දුවට පහර දෙමින් සිටි දනංජය ද සිල්වා නවීන් උල් හක්ගේ පන්දුවක් හමුවේ ලකුණු 24 කට දැවීගියා. ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුලත් වුනා. දනංජයගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි චරිත් අසලංක ද ලකුණු 3 කට දැවීගියා. එවිට ශ්‍රී ලංකා ඉනිම දැක්වුනේ ලකුණු 55 කට කඩුලු 4 ක් ලෙසිනි.

පිතිකරන ලැයිස්තුවේ උසස්වීමක් ලද නායක වනිදු හසරංග හා සදීර සමරවික්‍රම 5 වන කඩුල්ලට ලකුණු 72 ක සබඳතාවක් ගොඩ නැගුවා. ඒ අතරතුර වනිඳු හසරංග තම දෙවන් විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කලා. සදීර සමරවික්‍රම දුවද්දී දැවීයාමත් සමග එම සබඳතාවයද බිඳ වැටුනා.

ඉතාමත් හොදින් පන්දුවට පහර දෙමින් සිටි වනිදු හසරංග නවීන් උල් හක්ගේ පන්දුවක් හමුවේ දැවීයන විට පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 67 ක් රැස්කර තිබුනා.

ඉන් අනතුරුව පිටියට පැමිනි කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඇෆ්ගනිස්තාන පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නැ. ලකුණු 147-5 ක් තිබූ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 ක් අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 156 ක් පමණයි. ඒ අනුව තියුණු තරගයකින් අනතුරුව ලකුණු 4 කින් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මතීෂ පතිරණ ලකුණු 24 කට කඩුලු 4 ක් බිඳ හෙලුවා. ඔහුට අමතරව දසුන් ශානක ලකුණු 17 කට කඩුලු දෙකක්ද ඇන්ජලෝ මැතිවුස්, වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණගනු ලැබුවා. දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය පෙබරවාරි මස 19 වන දින දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

වනිඳු හසරංගගේ විශිෂ්ඨ ඉනිම හා, දසුන් ශානක පිට පිට ලබාගත් කඩුලු 2, වීඩියෝ මෙන්න,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button