මතීෂ පතිරණගෙන් සුපිරි පන්දු යැවීමක් -
Video

මතීෂ පතිරණගෙන් සුපිරි පන්දු යැවීමක්

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේදී මතීෂ පතිරණ විශිෂ්ට පන්දු යැවීමක නිරතවුනා. ඔහුගේ පන්දුවාර 4 නිමා කලේ ලකුණු 24 කට කඩුලු 4 ක් බිඳ හෙලමින්. ඔහුගේ මෙම විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් තරගයේ වීරයා ද ඔහුට හිමිවුණා.

ඔහුගේ කඩුලු 4 ට අස්මතුල්ලාහ් ඕමර්සායි, කරීම් ජනට්, නූර් අහම්ඩ් හා නවීන් උල් හක් ඇතුලත් වුනා. ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණයට පන්දුවාර දෙකකදී ලකුණු 14 ක් අවශ්‍ය තිබූ මොහොතේ 19 වන පන්දුවාරය යොමු කල මතීෂ ලබා දුන්නෙ ලකුණු 3 ක් පමණයි. එම පන්දුවාරයේ කඩුලු 2 ක් ද ඔහ්‍ය් බිඳ හෙලුවා. තවද ඔහු එම පන්දුවාරයේ පැයට කිලෝමීටර් 153.4 ක වේගයකින් යුත් පන්දුවක් යොමු කිරීමද විශේෂයෙන් කැපී පෙනුනා.

මතීෂ දවාගත් කඩුලු 4 සහ 153.4 kmph පන්දුවේ වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button