ආබාධයක් හේතුවෙන් සුපිරි පිතිකරු පැතුම් නිස්සංක පිටියෙන් ඉවතට. -
Video

ආබාධයක් හේතුවෙන් සුපිරි පිතිකරු පැතුම් නිස්සංක පිටියෙන් ඉවතට.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තුන්වන විස්සයි විස්ස තරඟයේ, කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානය පලමුව පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 209ක් ලබාගැනීමට සමත්වුණා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ගුර්බාස් ලකුණු 70ක් ලබාගත් අතර, මතීෂ පතිරණ, අකිල ධනංජය කඩුලු 2ක බැඟින් හා වනිඳු හසරංග එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් වේගවත් ආරම්භයක් ලබාගැනීමට හැකිවූ නමුත්, තරඟයේ 6 වන පන්දුවාරයේදී කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස ලකුණු 16 (13) කට දැවීගියා.

ඉන් අනතුරුව කුසල් ජනිත් පෙරේදා ද ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වූ අතර, එක් අන්තයක සිට වේගවත්ව පිතිකරණයේ යෙදෙමින් සිටි පැතුම් නිස්සංක ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ සිය 10 වන අර්ධ ශතකය ලබාගැනීමට සමත්වුණා.

නමුත්, අවාසනාවන්ත ලෙස ඔහු ආබාධයකට ලක්වූ අතර, ආබාධයෙන් අනතුරුවත් පන්දුවට පහරදුන් ඔහු දැවැන්ත හයේ පහරක් එල්ලකිරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්වුණා. ඒ වන විට ඔහු පන්දු 30කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ලබාගෙන සිටියා.

ආබාධයක් තියාගෙන, එල්ලකළ දැවැන්ත හයේ පහර වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button