වනිඳු හසරංගට, ICC යෙන් දඬුවම් පනවයි. -
News

වනිඳු හසරංගට, ICC යෙන් දඬුවම් පනවයි.

ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී තුන්වන විස්සයි විස්ස තරඟයේ විනිසුරුවරයා සමඟ මතභේදාත්මක සිදුවීමට මැදි වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග හට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් දඬුවම් පැනවීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

විනිසුරුවරයා හා තරඟ තීරකවරයා වනිඳු හසරංගගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ICC ය වෙත වාර්තා කර ඇති අතර, වනිඳු හසරංග හට තරග 02ක තහනමක් සහ තරඟ මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බවට වාර්තා වෙනවා.

මෙම දඬුවම හේතුවෙන් ඔහුට ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරග සංචාරයේ පළමු හා දෙවන විස්සයි විස්ස තරග දෙක අහිමි වෙනවා. මේ අතර ඉහත දඬුවම්වලට අමතරව ඔහුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති බව සඳහන්.

ඇෆ්ගනිස්ථාන සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී නිපන්දුවක් සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා සමඟ ඇතිකරගත් මතභේදාත්මක තත්ත්වය සහ මාධ්‍ය හමුවේ දී විනිසුරු තීරණ විවේචන කිරීම යන කරුණු වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වනිඳුට මෙලෙස දඬුවම් පනවා තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button