අප්‍රේල් මාසයේදී නැවතත් ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට -
News

අප්‍රේල් මාසයේදී නැවතත් ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග තරගාවලියක් සඳහා ඇෆ්ගනිස්තාන A කණ්ඩායම එලඹෙන අප්‍රේල් මස දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මෙම තරගාවලිය අප්‍රේල් මස 28 වෙනිදා සිට මැයි මස 14 වෙනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

තරගාවලියට සිව්දින තරගයක් සහ එක්දින තරග 05 ක් ඇතුලත් වේ. කෙසේ නමුත් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් නම් කර නොමැත. තරගාවලියට අදාල තරග කාල සටහන පහත පරිදි වේ.

පළමු එක්දින තරගය – අප්‍රේල් 28
දෙවන එක්දින තරගය – අප්‍රේල් 30
තෙවන එක්දින තරගය – මැයි 03
සිව්වන එක්දින තරගය – මැයි 05
පස්වන එක්දින තරගය – මැයි 07
සිව්දින තරගය – මැයි 11 සිට මැයි 14 දක්වා.

වනිඳු හසරංගට තරඟ තහනමක්. සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න >> (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button