ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිත නම් කෙරේ.. -
News

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිත නම් කෙරේ..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරගාවලිය ටෙස්ට් තරග 02 ක් එක්දින තරග 03 ක් සහ විස්සයි විස්ස තරග 03 කින් සමන්විතයි. විස්සයි විස්ස සහ එක්දින තරග සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කරනු ලැබුවා.

මෙම සංචිතයේ විශේෂත්වය වන්නේ ඇෆ්ගනිස්තාන තරගාවලියේ විස්සයි විස්ස කණ්ඩායමේ පමණක් සිටි මතීෂ පතිරණ මෙවර එක්දින සංචිතයට ඇතුලත් කොට තිබෙනවා. තවද ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ දුෂ්මන්ත චමීර වෙනුවට අසිත් ප්‍රනාන්දු එක්දින සංචිතයට ඇතුලත් වි තිබෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග විස්සයි විස්ස තරග 02 ක තහනමකට ලක්ව ඇති බැවින් බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු හා දෙවන විස්සයි විස්ස තරග 02 හි නායකත්වය චරිත් අසලංක වෙත පැවරී තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙසේයි.

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු , පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, ශෙවෝන් ඩැනියල්, ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීශ් තීක්ශන, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුසංක, ප්‍රමෝද් මදුශාන්, මතීෂ පතිරණ

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය පහත පරිදි වේ.

වනිඳු හසරංග (නායක), චරිත්, අසලංක (උපනායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා , සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීශ් තීක්ශණ , බිනුර ප්‍රනාන්දු , මතීශ පතිරණ, දිල්ශාන් මදුසංක, නුවන් තුශාර, අකිල දනංජය, කමිඳු මෙන්ඩිස්.

තරඟ කාලසටහන මෙතනින් බලන්න >> (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button