පැතුම් නිස්සංක වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සංචිතට කැඳවයි. -
News

පැතුම් නිස්සංක වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සංචිතට කැඳවයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය මාර්තු මස 4 වෙනිදා ආරම්භ වීමට නියමිත වන අතර, මෙම තරඟාවලියේ ආරම්භක තරඟ 2ක වනිඳු හසරංගට අහිමි වන අතර, ආබාධ තත්වය හේතුවෙන් පැතුම් නිස්සංකට විස්සයි විස්ස තරඟාවලිය අහිමිවන බවට වාර්තාවෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට ලැබුණු තරඟ දෙකක තහනම හේතුවෙන් එම තරඟ දෙකේදී, චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ඇති අතර, වනිඳු හසරංග වෙනුවට, ජෙෆ්රි වැන්ඩසේ මෙම සංචිතයට ඇතුලත් කර ඇති බවට Daily ft වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

තවද, Daily ft වෙබ් අඩවිය සඳහන් කර ඇති පරිදි, මෙම විස්සයි විස්ස තරඟාවලිය පැතුම් නිස්සංකට අහිමිවන බැවින්, පසුගිය එක්දින තරඟාවලියේදී අර්ධ ශතක දෙකක් රැස්කරගත් අවිශ්ක ප්‍රනාන්දුව සංචිතය කැඳවා තිබෙනවා.

අවිශ්ක ප්‍රනාන්දු එක්දින තරඟ වලදී සාර්තක වුවත්, ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී සාර්තක වීමට නොහැකිවී තිබෙනවා. මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 33කදී ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 333ක් පමණයි. පිතිකරණ සාමාන්‍ය 11.62කි.

මේ වසරෙ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත T10 (පන්දුවාර 10) තරඟාවලියට දින තීරණය කරයි >> (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button