එංගලන්තයට එරෙහිව සුපිරි පන්දු යැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අශ්වින්, රංගන හේරත්ව සමකරයි. -
Records

එංගලන්තයට එරෙහිව සුපිරි පන්දු යැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අශ්වින්, රංගන හේරත්ව සමකරයි.

එංගලන්තය සමඟින් තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ හතරවන තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඉන්දියා කණ්ඩායම සමත්වූ අතර, තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී, තරඟ 3-1ක් ලෙස තරඟාවලිය ජයගැනීමට ද ඉන්දියා කණ්ඩායම සමත්වුණා.

දෙවන තරඟයේදී, විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට රවිචන්ද්‍රන් අශ්වින් හා කුල්දීප් යාදෙව් සමත්වූ අතර, රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 5ක් හා කුල්දීප් යාදෙව් කඩුලු 4ක් බිඳ දැමූවා.

රවිචන්ද්‍රන් අශ්වින් ලබාගත් මෙම කඩුලු 5, ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 බැඟින් දවාගත් 35 වන අවස්ථාවයි. මීට පෙර ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රංගන හේරත් ද අවස්ථා 35කදී ඉනිමක කඩුලු 5ක් බැඟින් දවාගැනීමට සමත්වී තිබෙනවා.

කෙසේ නමුත්, මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක, ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වූ මුත්තයියා මුරලිදරන් වන අතර, ඔහු අවස්ථා 67කදී ඉනිමක කඩුලු 5+බැඟින් ලබාගෙන තිබෙනවා..

ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු 5 අවස්ථා වාර්තා කොට ඇති පන්දුයවන්නන්

මුත්තයියා මුරලිදරන් – 67
ෂේන් වෝන් – 37
රිචඩ් හැඩ්ලි – 36
අනිල් කුම්බ්ලේ – 35
රවිචන්ද්‍රන් අශ්වින් – 35*
රංගන හේරත් – 35
ජේම්ස් ඇන්ඩර්සන් – 32

පැතුම් නිස්සංක හා වනිඳු හසරංග වෙනුවට විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇති බවට වාර්තා වෙන ක්‍රීඩකයින් දෙදෙනා මෙන්න >> Read More

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button