ලෝකයේ වේගවත්ම T20I ශතකය නැමීබියාවෙන් (Video) -
Video

ලෝකයේ වේගවත්ම T20I ශතකය නැමීබියාවෙන් (Video)

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව බිඳ දැමීමට නැමීබියා ක්‍රීඩක Jan Nicol Loftie-Eaton ඊයේ (27) සමත් වුණා.

ඒ, මේ දිනවල නේපාලයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 තරගාවලියේ දී නේපාල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි.

Jan Nicol Loftie-Eaton මෙම වේගවත් ශතකය වාර්තා කිරීමට සමත්වූයේ පන්දු 33 ක් පමණක් වැය කරමින්. ඔහු පන්දු 36කදී ලකුණු 101 ක් රැස්ක්ළ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් හා හයේ පහර 8ක් ඇතුළත් වුණා.

මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදී වේගවත්ම ශතකය වාර්තා කර තිබුණේ නේපාලයේ ක්‍රීඩක Kushal Malla වේ. ඔහු පන්දු 34 කින් ශතකයක් වාර්තා කර තිබුණේ මොන්ගෝලියා කණ්ඩායමට එරෙහිවයි.

නේපාල, නැම්බියා තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව කඩුලු 4ක් දැවී ලකුණු 206 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණයි.

මේ වන විට ලෝකයේ වේගවත් ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button