නිරෝශන් දික්වැල්ල නැවතත් විස්සයි විස්ස සංචිතයට ? -
News

නිරෝශන් දික්වැල්ල නැවතත් විස්සයි විස්ස සංචිතයට ?

බංග්ලාදේශ කණ්ඩායම සමඟින් තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය මාර්තු මස 4 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, පසුගිය ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී තරඟාවලියේ සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුටම, විවිධ හේතූන් මත මෙම තරඟාවලිය මඟ හැරෙනවා.

ඒ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡේෂ්ඨ ක්‍රීඩකයෙකු වන කඩුලු රකින පිතිකරු කුසල් ජනිත් පෙරේරා, වෙනුවට නිරෝශන් දික්වැල්ල නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති බවට ද වාර්තා වෙනවා.

ඒ, මේ වන විට කුසල් ජනිත් පෙරේරා උණ රෝගී තත්වයකට ගොඳුරු වී ඇති නිසායි. යම් හෙයකින් ඔහුට මෙම තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් මතුවුවහොත්, නිරෝශන් දික්වැල්ලට තරඟාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිවෙනවා.

ඊට අමතරව තරඟ දෙකක තරඟ තහනම හේතුවෙන් වනිඳු හසරංගත්, ආබාධය තත්වයන් හේතුවෙන් පැතුම් නිස්සංක හා දුශ්මන්ත චමීරද මෙවර සංචිතයෙන් ඉවත්කර ඇති අතර, ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙක් සංචිතට කැඳවා ඇති බවට වාර්තා වෙනවා.

වනිඳු හා පැතුම් නිස්සංක වෙනුවට විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇති බවට වාර්තාවෙන ක්‍රීඩකයින් දෙදෙනා මෙන්න >> (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button