ශ්‍රී ලංකා විරාට් කෝලි කුසල් මෙන්ඩිස් -
Conference

ශ්‍රී ලංකා විරාට් කෝලි කුසල් මෙන්ඩිස්

දඹුල්ලේ පැවති ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය අතරතුරදී ශ්‍රි ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව හරහා සජීවිව විකාශනයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතර බන්දුල සමන්වතුරේගම මහතාගේ විස්තර විචාරය දැඩි ලෙස කතාබහට ලක්වුනා. ඉන් බෙහෙවින්ම ජනප්‍රිය වූයේ ඇන්ජලෝ මැතිවුස් පිතිකරණයේ යෙදී සිටියදී මැතිවුස්ගේ පිතිකරණය ඉබ්බන්කටුව වැව හා සිගිරිය පිළිබද ඔහු පළකල අදහසයි. FM Derana Sports Talk හමුවේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී බන්දුල සමන්වතුරේගම මහතා පැවසුවේ මෙවන් අදහසක්.

මම ඉන්නෙ ඉබ්බංකටුව වැවට අල්ලපු භූමියේ. එය ශිෂ්ඨාචාරයක්. සීගිරිය ඉබ්බන්කටුව වැව, කණ්ඩලම වැව,දඹුලු විහාරය කියන්නෙ ශිෂ්ඨාචාරයක්. කාශ්‍යප රජ දවස ඉදන් ආපු ඒ ශිෂ්ඨාචාරය පිළිබඳව අපිට ලෝක ප්‍රජාව ඉදිරියේ යමක් කියන්නට අවස්ථාවක් ලැබෙනවා නම් ඒක මොන මාධ්‍ය කලාවක හරි කියන්න ඕනි. මාධ්‍ය නිෂ්පාදක කණ්ඩායම උත්සහ ගන්න ඕනි අපි සාකච්ඡා කරලා කටයුතු කරනකොට මම ඉබ්බන්කටුව වැව සඳහන් කරනවා නම් ඒකේ වීඩියෝ ක්ලිප් එකක් හරි දාන්න.

මම සීගිරිය ගැන කතා කරනවා නම් ඒ ගැන දාන්න. ඒ තුලින් අපිට ලැබෙනවා ලොකු පුළුල් ප්‍රචාරයක්. බෝලෙන් බැට් එකට ගහනවා බැට් එකෙන් බෝලෙට ගහනවා ගැන කියන කතාවට වඩා අපිට විශාල පරාසයක් ආවරණය කරන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරය දේශීය විදේශීය වශයෙන් රටේ අනන්‍යතාවය ඒ ප්‍රෞඩත්වය ඔය ආදි වශයෙන් ගත් කළ බොහො කතා කරන්නට පුලුවන් තෝතැන්නක්. අපි සෙංකඩගලට ගියොත් සෙංකඩගල රාජධානිය ගැන කතා කරන්නෙ. පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ගැන කියන්නෙ පස්සෙ. ක්‍රීඩාංගණයේදී සිටියදී කොල කෑල්ලක් ඒ ගැන මා ජනතාව දැනුවත් කරනවා. මාගේ සියලුම අසන්නන් අන්ධයන් හැටියටයි මා කල්පනා කරන්නේ.

සමාජ මාධ්‍යයේ ආන්දෝලනයට තුඩුවූ කුසල් මෙන්ඩිස් හා විරාට් කෝලි ගැන ඔහු මෙසේ පැවසුවා.

බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය තුළ දෝසදර්ෂනයට ලක් කර තිබුනා. අහන්න දකින්න යාලුවො කියනවා. මම සමාජ මාධ්‍ය ගැන මායිම් කරන්නෙ නැ.අදටත් මා කියනවා විරාට් කෝලි හා සමාන ලංකාවේ ක්‍රීඩකයෙක් වේ නම් ඒ ශ්‍රී ලංකා විරාට් කෝලි කුසල් මෙන්ඩිස්. ඔහු තරම් පන්දුවක් පික් කරන්න ක්ෂණයකින් වෙන කිසිම ක්‍රීඩකයෙකුට බැ. 200 ක් ගැහුවත් ලකුණු 210 ක් ගැහුවත් අපේ පැතුම් නිස්සංක වාර්තාගත ලකුණු ලබාගත්තත් කුසල් මෙන්ඩිස් තරම් ප්‍රහාරයට ඉතාම ඉක්මනින් පෙළෙබෙන වෙන ක්‍රීඩකයෙකු නැ.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදි දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ප්‍රහාරාත්මකව තරග වැදුනු එක හොදම උදාහරණයක්. ලෝකේ අංක එකේ විනිසුරුවරයා වෙන කුමාර් ධර්මසේන සාකච්ජාවකදි කියනවා ලංකාවේ විරාට් කෝලි කුසල් මෙන්ඩිස් කියනවා. අනිවාර්යෙන්ම ඔහු එතැනට පැමිනේවි. විරාට් කෝලි වසර දෙකක් ශතකයක් නැතුව හිටියා. ඊට පස්සෙ කෝලි ටෙන්ඩුල්කාර්ගේ වාර්තාව බිඳ හෙලුවා. එහෙම කාලයක් තිබෙනවා. ඔහු තරම් ලංකාවෙ විරාට් කෝලි.

කුසල් මෙන්ඩිස් අද නායකයා. වගකීම් වැඩී. වගකීම් වැඩිවෙනකොට පීඩනය දරාගන්න අමාරුයි තාමත් ඒ ළමය් පොඩි වැඩි නිසා. නායකත්වය දරද්දි තරගාවලි කීපයක් පරාජයට පත්වුනු නිසා කෝලි නායකත්වයෙන් ඉවත්වෙනවා. කෝලි සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස ආපහු නැගී සිටියා. කුසල් මෙන්ඩිස්ට තවදුරටත් නායකත්වය දීලා තිබෙනවා. ඔහු නිදහස් ක්‍රීඩකයෙක් ලෙස තරග වදිනවා නම් ඔයිට වඩා පිතිකරණය බොහොම ඉහලයි කියලා මට අදටත් කියන්න පුලුවන්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button