කුසල් ජනිත් පෙරේරා තරඟාවලියෙන් ඉවතට.. -
News

කුසල් ජනිත් පෙරේරා තරඟාවලියෙන් ඉවතට..

බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය මාර්තු මස 4 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (28) දිවයිනෙන් පිටත්වුණා.

මෙම විස්සයි විස්ස සංචිතය සඳහා ඇතුළත්ව සිටි කුසල් ජනිත් පෙරේරා උණ රෝගී තත්වයක් හේතුවෙන් , ඊයේ දිනයේ කණ්ඩායම සමඟින් එක්නොවුන අතර, තරඟාවලියට පෙර නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වන බවටයි සඳහන් කර තිබුණේ.

නමුත්, ඔහුගේ මෙම රෝගී තත්වය හේතුවෙන් සම්පූර්ණ විස්සයි විස්ස තරඟාවලියෙන්ම ඔහු ඉවත්කර ඇති බව වාර්තා වන අතර, ඒ වෙනුවට අවසන් විස්සයි විස්ස තරඟයේදී අර්ධ ශතකයක් වාර්තා කළ කමිඳු මෙන්ඩිස් නො.3 ක්‍රීඩා කිරීමට නියමිත බව ද සඳහන් වෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button