පූර්ණ තරඟාවලියක් සඳහා බංග්ලාදේශයට යාමට පෙර නායකයින් තිදෙනා මාධ්‍යයට දැක්වූ අදහස්. -
Conference

පූර්ණ තරඟාවලියක් සඳහා බංග්ලාදේශයට යාමට පෙර නායකයින් තිදෙනා මාධ්‍යයට දැක්වූ අදහස්.

බංග්ලාදේශ කණ්ඩායම සමඟින් විස්සයි විස්ස තරඟ 3ක්, එක්දින තරඟ 3ක් හා ටෙස්ට් තරඟ 2ක් ඇතුළත් පූර්ණ තරඟාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) දිවයිනෙන් පිටත්වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් තිදෙනා තරඟාවලිය සම්බන්ධයෙන් මධ්‍ය‍යට අදහස් දක්වා සිටියා,

ටෙස්ට් නායක දනංජය ද සිල්වා තරඟාවලිය ගැන කළ ප්‍රකාශය.

ටෙස්ට් සංචිතය තවමත් නම් කරලා නැහැ. නමුත් ගොඩක් වෙලාවට ලංකාවේදි සෙල්ලම් කරපු සංචිතයම ලැබේවි. බංග්ලාදේශය පසුගිය අවුරුදු කිහිපයේදීම හොඳ ක්‍රිකට් එකක් ගහන කණ්ඩායමක්. එයාලගේ දක්ශතා හා දුර්වලතා ගැන අපි දන්නවා. මම බලාපොරොත්තු වෙනවා අපේ සිටින හොඳම කණ්ඩායම එක්ක තරඟාවලිය ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න.

එක්දින නායක කුසල් මෙන්ඩිස් තරඟාවලිය ගැන කළ ප්‍රකාශය.

අපි කලින් තරඟාවලියත්, පුහුණුවීම් බලද්දිත් අපේ ක්‍රීඩකයින් හොඳ තැනක ඉන්නවා. අපිට මේ සංචාරයේදී ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ රටා තුනම තියනවා. අපේ ඉන්න ක්‍රීඩකයින් ගොඩක් බංග්ලාදේශ ක්‍රීඩාංගන වල ක්‍රීඩාකරලා තියනවා. ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ගත්තත් ගොඩාක් හොඳ පැත්තක තියනවා.

අපේ පිතිකරුවන් ෆෝම් එකට ඇවිත් තියන එකට ගොඩාක් හොඳයි. කාලයක් තිබුණා අපේ මැදපෙළ ක්‍රීඩකයින් ලකුණු ලබාගද්දී, මුල් පෙළ ෆේල් වෙනවා. මුල් පෙළ ක්‍රීඩකයින් ලකුණු ලබාගද්දී , මැද පෙළ ක්‍රීඩකයින් ෆේල් වෙනවා. නමුත්, අන්තිම තරඟාවලි දෙකේදීම මුල් පෙළ හා මැද පෙළ ක්‍රීඩකයින් එකතුවෙලා තරඟ දිනවලා තියනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට මේ තරඟාවලිය හොඳින් ක්‍රීඩා කරන්න පුලුවන් වෙයි කියලා.

විස්සයි විස්ස නායක වනිඳු හසරංග තරඟාවලිය ගැන කළ ප්‍රකාශය.

විස්සයි විස්ස ලෝක කුසලානයට කලින් අපිට මේ තරඟාවලිය පමණයි තිබෙන්නේ. මේ තරඟාවලිය හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරලා, ඒ විශ්වාසත් එක්කම කණ්ඩායමක් විදිහට ලෝක කුසලානයට යන්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩායම් දෙක ගත්තොත් අපේ කණ්ඩායම ඉහළින් ඉන්නවා. අපිට අපේ විදිහට ක්‍රීඩා කරන්න ලැබුණොත් ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජයට පත්කරන්න අපිට පුලුවන්.

අපි නිතරම බලන්නේ, කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක හා ප්‍රේක්ෂකයින් සතුටින් තියන්නේ කොහොමද කියලා. ඒක හැකි උපරිමයෙන්ම කරන්න තමයි අපි කණ්ඩායමක් විදිහට බලාපොරොත්තු වෙන්නේ.

කුසල් ජනිත් පෙරේරා, විස්සයි විස්ස තරඟාවලියෙන් ඉවතට. ඔහුගේ තැනට වෙනත් ක්‍රීඩකයෙක් >> සම්පූර්ණ විස්තරය මෙන්න (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button