නිරෝශන් දිල්වැල්ල බංගලාදේශය බලා පිටත් වීමට නියමිතයි. -
All News

නිරෝශන් දිල්වැල්ල බංගලාදේශය බලා පිටත් වීමට නියමිතයි.

බංග්ලාදේශය කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය මාර්තු මස 4 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, ශ්‍රී ලංකා සංචිතය ඊයේ (28) රාත්‍රියේ දිවයිනෙන් පිටත් වුණා.

ශ්‍රී ලංකා සංචිතයේ සිටි, කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා අවාසනාවන්ත ලෙස උණ රෝගී තත්වයෙන් පෙළන බැවින්, අද දිනයේ ඔහුව ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයෙන් ඉවත්කර ඇති බවට වාර්තා වුණා.

ඒ අනුව, කුසල් පෙරේරාගෙන් හිස් වූ ශ්‍රී ලංකා සංචිතයට, නිරෝශන් දික්වැල්ල ඇතුළත් කර තිබෙන අතර, ඔහු හෙට (1) දිනයේදී, බංගලාදේශය බලා පිටත් වීමට නියමිතයි.

නිරෝශන් දික්වැල්ල අවසන් වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කර ඇත්තේ වසර දෙකාමාරකට පෙර වන අතර, මේ දිනවල පැවැත්වෙන නැශනල් සුපර් ලීග් තරඟාවලියේ පිට පිට ඉනිම් දෙකකදී අර්ධ ශතක වාර්තා කර ගැනීමට ද ඔහු සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button