ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉදිරියේ, නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් අසරණ වෙයි. -
All News

ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉදිරියේ, නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් අසරණ වෙයි.

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර, පලමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය මේ වන විට පැවැත්වෙන අතර, තරඟයේ පලමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 385ක් ලබාගැනීමට සමත්වුණා. ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කැමරන් ග්‍රීන් විශිෂ්ඨ ශතකයක් ද ලබාගැනීමට සමත්වුණා.

අනතුරුව, නවසීලන්තය සිය පලමු ඉනිම ආරම්භ කළ අතර, ඔවුන්ට ආරම්භයේදීම එතරම් සාර්ථක වීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නෑ.

නවසීලන්තය ඉනිමේ පලමු කඩුල්ල ලෙස Tom Latham ලකුණු 5කට දවාගැනීමට Mitchell Starc සමත්වූ අතර, නවසීලන්තය ඉනිම ලකුණු 12ක් ලෙස තිබියදී, ලකුණක් සඳහා දිව ගිය කේන් විලියම්සන් හා Will Young එකිනෙකා ගැටීම නිසා, කේන් විලියම්සන්ට ඔහුගේ කඩුල්ල ද අහිමි වී ගියා. පසුගිය තරඟ කිහිපයේදීම ශතක රැස්කළ විලියම්සන්ට මෙම ඉනිමේදී ලකුණු ලබාගැනීමට හැකිවූයේ නෑ.

මේ වන විට, ඕස්ට්‍රේලියා පන්දුයවන්නන් ඉදිරියේ අසරණ වී ඇති නවසීලන්තය පලමු ඉනිම දැක්වෙන්නේ, කඩුලු 5කට ලකුණු 33ක් ලෙසින්. (පන්දුවාර 19 අවසානයේදී)

Kane williamson හා Will Young දුවද්දී එකිනෙකා ගැටුනු වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button