අවසන් පන්දුවේදී Gladiators වෙත ජයග්‍රහණය ගෙන දුන් Rutherford. -
Video

අවසන් පන්දුවේදී Gladiators වෙත ජයග්‍රහණය ගෙන දුන් Rutherford.

මේ දිනවල පකිස්තානයේ පැවැත්වෙන PSL තරඟාවලියේ 16 වන තරඟය ඊයේ (29) පැවැත්වුණ අතර, තියුණු තරඟයකින් අනතුරුව අවසන් පන්දුවේදී තරඟය ජයග්‍රහණය කිරීමට Quetta gladiators කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහරදුන් Karachi kings කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 165ක් ලබාගත් අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ James vince පන්දු 25කදී ලකුණු 33ක් ලබාගැනීමට සමත්වුණා. (Mohommad Nawaz පන්දු 19කදී ලකුණු 28 , Anwer Ali පන්දු 14කදි නොදැවී ලකුණු 25)

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Quetta Gladiators කණ්ඩායම තරඟයේ අවසාන පන්දුවේදී, තරඟය ජයගනු ලැබූයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Sarfaraz Ahmed එල්ල කරන ලද හතරේ පහරත් සමඟිනි.

තරඟයේ අවසාන පන්දුවාරයට Gladiators කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීමට ලකුණු 15ක් අවශ්‍ය වූ අතර, පලමු පන්දු දෙකටම හයේ පහර දෙකක් වාර්තා කළ Sarfraz Ahmed අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කළා.

එම වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button