අයර්ලන්තය පලමු ටෙස්ට් ජය වාර්තාකර ගනී. -
Match Results

අයර්ලන්තය පලමු ටෙස්ට් ජය වාර්තාකර ගනී.

ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය අතර තරඟ සංචාරයේ එකම ටෙස්ට් තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරගැනීමට අයර්ලන්තය කණ්ඩායම අද (1) සමත්වූ අතර, එය අයර්ලන්තය කණ්ඩායම ලැබූ පලමු ටෙස්ට් ජයග්‍රහණයයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමි පලමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානයට පලමු ඉනිම සඳහා ලබාගැනීමට හැකිවූයේ ලකුණු 155ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ibrahim Zadran පන්දු 83කදී ලකුණු 53ක් ලබාගැනීමට සමත්වුණා.

අනතුරුව අයර්ලන්තය කණ්ඩායම සිය පලමු ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් පන්දුවාර 84කට මුහුණදෙමින් ලකුණු 263ක් ලබාගැනීමට සමත්වුණා. අයර්ලන්තය ඉනිම වෙනුවෙන් Paul Stirring ලකුණු 59ක්, Curtis campher ලකුණු 49ක් හා Lorcan Tucker ලකුණු 46ක් ද රැස්කරගැනීමට සමත්වුණා.

ලකුණු 108ක් පිටුපසින් සිට ඇෆ්ගනිස්තානය සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර, එම ඉනිමේදීත් ඔවුන්ට සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 218ක් පමණයි. එහිදී නායක Hashmatulla Shahidi පන්දු 107කදී ලකුණු 55ක් වාර්තා කළා.

ඇෆ්ගනිස්තානයේ දුර්වල පිතිකරණය හේතුවෙන් අයර්ලන්තයට තරඟය ජයගැනීමට ලැබුණු ඉලක්කයක් ලකුණු 110ක්. ඔවුන් එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී පසුකර යමින්, අයර්ලන්තය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පලමු ජය වාර්තාකර ගැනීමට සමත්වුණා.

තරඟයෙන් අනතුරුව ඔවුන් ප්‍රේක්ෂකයින් සමඟින් ද සිය ජයග්‍රහණය බෙදාගත්‍තා. වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button