චමරිගෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් -
IPL-WomenLeague

චමරිගෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම්

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 08 වන තරගය අද(01) UP Warriorz සහ Gujarat Giants අතර අද පැවැත්වුනා. තරගය කඩුළු 06 කින් ජය ගැනීමට UP Warrioz කණ්ඩායම සමත්වුනා. අද තරගයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු WPL වරම් ලබාගැනීමයි.

චමරි අද තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන්නට සමත්වුනා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Gujarat Giants කණ්ඩායම් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 කට ලකුණු 142 ක් රැස් කලා. එහිදී චමරි අතපත්තු ඇයගේ පන්දුවාර 04 නිමා කලේ ලකුණු 19 ක් පමණක් ලබාදෙමින්. එසේම මෙම තරගයේදී වේගවත් ඉනිමක් දියත්කරමින් සිටි ඈෂ්ලි ගාඩ්නර්ගේ උඩ පන්දුවද රැක්ගත්තේ චමරි අතපත්තුයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල UP Warrioz කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 4 ක් තුළදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය ඉතා පහසුවෙන් පසු කරගියා. චමරි අතපත්තු පන්දු 11 ක් තුළදී වේගවත් ලකුණු 17 ක් රැස් කරගත්තේ හතරේ පහරවල් 4 ක් සමගින්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button