ලංකාවෙ ඩොමෙස්ටික් හොඳම බෝලර්ස්ල 25 ගත්තොත් ඒ අතර ෆාස්ට් බෝලර්ස්ල දෙන්නෙක්වත් නෑ – මාරියෝ විල්වරායන් -
All News

ලංකාවෙ ඩොමෙස්ටික් හොඳම බෝලර්ස්ල 25 ගත්තොත් ඒ අතර ෆාස්ට් බෝලර්ස්ල දෙන්නෙක්වත් නෑ – මාරියෝ විල්වරායන්

පාකිස්තානය සහ ඉන්දියාව තුළින් විශිෂ්ට වේගපන්දු යවන්නන් බිහිවීමත් ශ්‍රී ලංකා වේගපන්දුව කඩාවැටීමටත් හේතුව පැහැදිලි කරමින් රොශාන් අබේසිංහ මහතා සමඟින් අද දෙරණ Sports Straight Drive වැඩසටහනට සහභාගී වූ වාර්තමාන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ Physical Traner ලෙස කටයුතු කරන මාරියෝ විල්වරායන් මහතා මෙලෙසින් අදහස් පලකළා.

ගිය අවුරුදු තුනේ අපේ පළමුපෙළ ක්‍රිකට්වල වැඩිම විකට් අරගෙන තියෙන අය ගත්තොත් පළවෙනි 25 ස් දෙනා අතර වේගපන්දු යවන්නො දෙන්නෙක්වත් නෑ. ඒත් 2022 , 2023 විතරයි. අනිත් අවුරුදු වල එහෙමවත් නෑ. අපේ වේගපන්දුව කඩාවැටෙන්න තියෙන ලොකුම හේතුව ඔන්න ඕක.

ඒ සිටුවේශන් එකේ ඉඳලා අපි යනවා ටෙස්ට් ක්‍රිකට් ගහන්න. ලංකාවෙ ගහනකොට අපිට සුදුසු වන විකට් වල ගහනකොට අපි ස්පින් එකෙන් ගහනවා. හැබැයි අපි ඕවර්ශීස් ගිය ගමන් අපි අපේ වේගපන්දුව වැඩිපුර භාවිතා කරන්න ඕනෙ. ඔතන තමයි ඉන්ජරි ප්‍රශ්ණෙ එන්නෙ. අපේ වර්ක්ලෝඩ් එක මදියි ඕවර් 20 ක් බෝල් කරන්න ආයේ ඊලඟ දවසෙ ඇවිල්ල තව ඕවර් 10 ක් බෝල් කරන්න. ඔතන තමයි තියෙන ප්‍රශ්ණය.

අපි ඉන්දියාව පාකිස්තානෙ ගත්තොත් කොහොමද හොඳ ෆාස්ට් බෝලර්ස්ල හැදුනෙ. පහුගිය අවුරුදු පහ හය අරන් බලන්නෝනෙ. මව වැඩකළා vvx ලක්ශ්මන් එක්ක සන්රයිසර්ස් එකේ. මම තාමත් එතන ඉන්න හින්දා මම දන්නවා. පළවෙනි අවුරුදු දෙකේ vvx හිටියා. මම එයාගෙන් ඇහුව්වා කොහොමද ඔය ෆාස්ට් බෝලර්ස්ල එයාලගෙන් හැදුනෙ කියලා. එයා හිටිය BCCI උපදේශක කමිටුවෙ සචිනුයි ගංගුලියි එක්ක 2011 වගේ. ඒකෙ එගොල්ල ඩිශිශන් එකක් අරන් තියෙනවා බැට්ස්මන්ලට ඕවර්ශීස් කන්ඩිශන්වලට හුරුවෙන්න තණකොළ තියන්න පිච්වල කියලා එයාලගෙ ඩොමෙස්ටික් ටූර්නමන්ට් වල. එයාල ඒක කළේ බැට්ස්මන්ලට බෙනිෆිට් වෙන්න හැබැයි තව පැත්තක් ඉම්පෲව් වුණා දන්නෙම නැතුව ෆාස්ට් බෝලින්ග්. ඒකෙන් තමයි එයාලට තාම බෙනිෆිට්ස් තීයෙන්නෙ.

දැන් අද ෆිසියෝට බනිනවා ට්‍රේනර්ස්ලට බනිනවා බෝලින්ග් කෝච්ට බනිනවා බෝලර්ස්ලගෙ ෆිට්නස් නෑ කියලා. හැබැයි ඒගෝල්ලො ස්කික් එක ඉගෙනගන්නෙ කොහොමද නෙට් එකේ බෝල් කරලා නෙමෙයි මැද බෝල් කරලා. පැය හයක් ෆීල්ඩ් කරලා. ආයෙ ඊලඟ දවසෙ බෝල් කරලා.

පාකිස්තානෙ ගත්තොත් අපි බලනවා ඒගොල්ලන්ගෙ හොඳ ෆාස්ට් බෝලර්ස්ල හැදෙන්නෙ කියලා. ඒගෝල්ලො ෆ්ලැට් විකට් වල ගහනකොට ස්පිනර්ලට විකට් ටර්න් වෙන්නෑ. එතකොට ෆාස්ට් බෝලර්ස්ල බෝල් කරන්න ඕනේ. ඒගොල්ලො ඉගෙනගන්නෝනෙ එක්කො ස්කිල් එකක් කොහොමද විකට් ගන්නෙ මොනා කරලද විකට් ගන්නෙ කියලා. ඒක තමා අපි දකින්නෙ පාකිස්තානෙන් කොලිටි ෆාස්ට් බෝලර්ස්ල එළියට එනවා.

දැන් තියෙන ක්‍රිකට් එක ගහන්න බෑ එකම ෆාස්ට් බෝලර්ස්ල හතර පස්දෙනෙක්ගෙන්. ඒකට හොඳ ෆාස්ට් බෝලර්ස්ල ස්කොඩ් එකක් ඕනෙ. ඒ ස්කිල් එක හදාගන්න ගොඩක් ප්ලේ කරන්නෝනෙ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button